What Is Drop Servicing – Sinhala Guide

Dropshipping ගැන ඔයා අනිවාර්යෙන්ම දන්නවා ඇති. නමුත් Drop Servicing කියන එක ටිකක් අලුත් දෙයක්.

ඩ්‍රොප්ශිපින්ග් කරපු ගොඩක් දෙනෙක් මේ වෙනකොට මේ Drop Service කියන එක අත්හදා බලනවා.

මේ Drop Service Sinhala Guide එකෙන් ඔයාටත් මේ ගැන දන ගන්න පුළුවන්.

Dropshipping Store එකක් හදන හැටි...

What Is Drop Servicing?

Drop Servicing කියන්නේ Dropshipping වලට ගොඩක් සමාන දෙයක්.

හිතන්න ඔයාට Logo එකක් හදා ගන්න ඕනේ. මම ඔයාගෙන් රුපියල් 5000ක් අරන් logo එකක් හදලා දුන්න.

හැබැයි ඔයාට හදල දීපු ඒ Logo එක හැදුවේ මම නෙමේ. මන් ඒ ගැන දන්න වෙන කෙනෙක් හරහා තමයි එක design කරගත්තේ.

එයාට මම රුපියල් 2000ක් දීල තමයි design එක කර ගත්තේ. එතකොට මට රුපියල් 3000ක් ලාභය තියෙනව.

සරලව මේ දේ තමයි Drop Servicing වලදී වෙන්නේ.

මොනවද Drop Servicing විදියට විකුනන්න පුළුවන්?

ඕනෑම service එකක් ඔයාට Drop Service කරන්න පුළුවන්. හැබැයි ඔයාට මේක සාර්ථකව කරන්න පුළුවන් ඔයාටත් යම්කිසි අවබෝධයක් තියෙන service එකක් උනොත්.

එහෙම අවබෝධයක් නැත්තන් ටිකක් එක ගැන හොයලා අවබෝධයක් අර ගන්න පුළුවන්. මොකද හැමදේම නොමිලේ අන්තර්ජලයේ තියෙනවා. ඔයා දැන් කරන්නෙත් ඒක.

Drop Service කරන්න සුදුසු සේවා කිහිපයක්

  • Graphic Designing
  • Blog Writing
  • Video Editing
  • Video Animation Creation
  • Web Design
  • Voice Overs

මේ වගේ ගොඩක් දේවල් අපිට යොදා ගන්න පුළුවන්.

මීට අමතරව Goolge Trends වලට ගිහින් බලන්න පුළුවන් මේ සේවාවන් වලට තියෙන ඉල්ලුම කොහොමද කියලා.

මෙතනදී මම “Blog Writer ” කියන සේවාව බලද්දී පේනවා ලොකු පිරිසක් මේ සේවාව හොයනවා කියලා.

මේ විදියට හොද සේවාවක් තෝරා ගන්න පුළුවන්.

ආරම්භ කරන්න මොනවද අවශ්‍ය

සේවා සපයන්නෙක්

මේ Business model එකට මුලිකවම අවශ්‍ය දේ තමයි ඔයා සපයන සේවාව ලබා දෙන කෙනෙක්. බොහෝ විට Freelancer කෙනෙක්.

ගොඩක් වෙලාවට Fiverr වගේ websites පාවිච්චි කරන්න පුළුවන්.

මිට අමතරව,

  • Freelancer.com
  • People Per Hour
  • ProBlogger
  • HubStaff Talent
  • UpWork

වගේ websites පාවිච්චි කරන්න පුළුවන්.

How to Make Drop Servicing Website

ඊළගට අවශ්‍ය දේ තමයි website එකක්. ඔයාට මේකට හොඳම දේ තමයි WordPress පාවිච්චි කරන එක.

WordPress වලින් ඔයාගේ website එක හැදුවොත් වියදම් විදියට Hosting සහ Domain වලට යන වියදම තමයි යන්නේ.

Domain එකක් 5$ට අඩුවෙන් ලබා ගන්න පුළුවන්.

Hosting වලට යන වියදම ගොඩක් අඩුයි වෙනත් options එක්ක බලද්දී.

Download

මීට අමතරව Shopify පාවිච්චි කරන්නත්පුළුවන්. හැබයි මාසෙට 29/$ ගානේ එකට ගෙවන්න ඕනේ.

සලරවම Drop Servicing කියන එක පැහැදිලි ඇති කියල මම හිතනවා. අනිත් හැමදෙයක් වගේම මේකෙත් සාර්ථක වෙන්න නම් try කරලා try කරලා තමයි.

11 responses to “What Is Drop Servicing – Sinhala Guide”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  1. Avatar

    mata soruce files pennanne na puluwannam gayanbha678@gmail.com mekata yith woocommerce pugin eka ewandako

    1. Dn try kala balanna….

    2. Matath penn ne ane aiye matath a fill eka dennko

      1. Download link ekawada karanwa post eke thiyana…

        1. Avatar
          Kavinda

          Blog writer

  2. Thushara aiye puluwan nm me email ekat plugin eka dnnko matath jdilshan956@gmail.com

  3. Avatar

    Mata deyak danaganna puluwanda affiliate markerting sambandayen. Meka gna hoynawa ekama video ekk wath mata hambune ne.

    1. Mokakda?

  4. Avatar
    Sachindra

    Bro Resources Images Download krnne bane pennanne na pluvnnm bro mta sachindradilsra@gmail.com Gmail ekt send krnne loku udawwk