WPSinhala YT Channel එකෙන් ගෙනාව Redbubble Sinhala video එක බලපු ගොඩක් දෙනෙක් අහලා තිබුනා කොහොමද Payoneer Account එකක් හදන්නේ කියලා. මේ Payoneer Sinhala පොස්ට් එකෙන් ඔයාලට දැන ගන්න පුළුවන් කොහොමද Payoneer Account එකක් හදන්නේ කියලා.
ශ්‍රී ලංකාව වගේ රටවල් වලට PayPal වගේ Payment Gateways පාවිච්චි කරන්න බැරි නිසා Payoneer ගොඩක් වටිනවා. ඔයා Fiverr, eBay, Redbubble වගේ තැන්වලින් අදායමක් උපයන්න බලාපොරොත්තු වෙනවනම්, ඔයාගේ අතට සල්ලි ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ.
How to Create a Payoneer Account Sri Lanka
මුලින්ම Payoneer Webiste එකට ගිහින් “Sign Up” වෙන්න.

ඊළගට එන dropdown එකෙන් “Individual” තෝරන්න. ඉන්පසු පහත ආකාරයට “Get paid by international clients or marketplaces” තෝරන්න. ඉන් පසු “Register” දෙන්න.

දැන් ඔවුන් අසන තොරතුරු නිවැරදිව ලබා දෙන්න. මෙහිදී ලබා දෙන තොරතුරු ඔබගේ රියදුරු බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රයේ ඇති ආකාරයටම ලබා දෙන්න. ඔබට රියදුරු බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රයක් නැතිනම් ඔබගේ හැදුනුම්පතේ ඇති ආකාරයට ලබා දෙන්න.

“NEXT” ලබා දුන් පසුව පහත ආකාරයට ඔබගේ ලිපිනය සහ දුරකථන අංකය ලබා දෙන්න. දුරකථන අංකය ලබා දුන් පසු ඔබට verification code එකක් SMS එකක් ලෙස ලැබෙනවා. එය “Verification code” වෙත ලබා දෙන්න. ඉන්පසු “NEXT” ලබා දෙන්න.

දැන් ඔබගේ Payoneer ගිණුමට Password එකක් ලබා දෙන්න. ඉන් පසු Security Question එකක් තෝරා එයට පිලිතුරද ලබා දෙන්න. මෙහිදී ඔබට මතක තිබෙන පිළිතුරක් ලබා දෙන්න. යම් අවස්ථාවක ඔබගේ Payoneer ගිණුමේ හිමිකරු ඔබ බවට සනාථ කිරීමට මෙය වැදගත් වේ.
ඉන්පසු ඔබගේ හැදුනුම්පත් අංකය ලබා දෙන්න. පසුව “NEXT” ලබා දෙන්න.

දැන් ඔබගේ බැංකු තොරතුරු ලබා දෙන්න. ඔබ Payoneer වෙත ලබා ගන්න මුදල් ශ්‍රී ලංකාවේ බැංකුවට ලබා ගන්නේ මේ දෙන බැංකු ගිණුම හරහායි.
Branch Code එක යනු ඔබගේ බැංකු ගිණුම හිමි ශාඛාවේ අංකයයි. මෙය ඔබට Google මගින් හෝ බැංකුව සම්බන්ධ කරගැනීමෙන් ලබා ගත හැකියි. ඉන් පසු Submit ලබා දෙන්න.

දැන් ඔබ සාර්ථකව Payoneer ගිණුමක් සදා ගෙන තිබෙනවා. ඔබගේ Email එකට ගොස් Payoneer වෙතින් ලැබී ඇති Verify Link එක click කරන්න.
දැන් නැවතත් Payoneer වෙත ගොස් “Sign In” ඔස්සේ ඔබගේ Email සහ Password ලබාදී Payoneer වෙත පිවිසෙන්න.
එවිට මෙලෙස නැවතත් මෙලෙස Security Questions දෙකක් අසන අතර ඒවාටද මතක තිබෙන ප්‍රශ්න සහ පිළිතුරු ලබා දෙන්න.

දැන් ඔබගේ Payoneer ගිණුම වෙත පිවිසිය හැකිය.
Payoneer Account Verification
පහත ආකාරයට “Submit Now” ලබා දෙන්න.

දැන් ඔබගේ රියදුරු බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රයේ copy එකක් upload කල යුතුයි. ඔබට මෙම බලපත්‍ර දෙකම නැතිනම් ඔබගේ හැදුනුම්පත ලබා දෙන්න.
ඉන්පසු ඔබගේ ලිපිනය ලබා දෙන්න.

දැන් ඔබ ලබා දුන් තොරතුරු ඔවුන් විසින් පරික්ෂා කර බලා ඔබට අනුමැතිය ලබා දෙනු ඇත. මේ සඳහා දින කිහිපයක් ගත විය හැකියි.
දැන් ඔයාගේ Payoneer Account එක සාර්ථකව හදාගෙන තියෙන්නේ….
Leave a Reply