සම්පුර්ණයෙන්ම නොමිලේ Blog එකක් හදා ගන්න ඕනෙනම් එකට හොදම විදිය තමයි Blogger නැත්තම් Blogspot පාවිච්චි කරන එක. මේ Blogger Sinhala පොස්ට් එකෙන් කොහොමද Blog එකක් හදාගන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්.
ඒ වගේම තමයි ඔයාට Professional විදියේ Blog එකක් හදා ගන්න ඕනෙනම් එකට Blogger එතරම් සුදුසු නැහැ. එකට හොදම Platform එක තමයි WordPress.
WordPress වලින් වෙබ් අඩවියක් හදන හැටි ගැන ගොඩක් දේවල් ඔයාට අපේ වෙබ් අඩවියෙන් වගේම WPSinhala.com Youtube Channel එකෙන් ඉගන ගන්න පුළුවන්.
එහනම් අපි Blogger Sinhala න් ඉගන ගමු.
STEP #1 Create a Google Account
Blogger නැත්තම් Blogspot කියන්නේ Google Service එකක්. ඉතින් අපිට Google Account එකක් අවශ්‍ය වෙනවා Blogger එකක් පටන් ගන්න.
හැමදෙනාටම වගේ Google Account එකක් නැත්තම් Gmail එකක් තියෙනවා. ඒ නිසා අලුතෙන් Account එකක් හදන්න අවශ්‍ය නැහැ.
මුලින්ම Blogger.com link එක open කර ගන්න. ඊට පස්සේ “Create Your Blog” කියන Button එක click කරන්න.

දැන් ඔයාගේ Gmail එකට login වෙන්න. Gmail එකක් නැත්තම් “Create Account” කියන තැනින් අලුත් account එකක් ලේසියෙන්ම හදා ගන්න පුලුවන්.
STEP #2 Create Blogger in Sinhala
දැන් අපිට පහල විදියේ Page එකක් බලා ගන්න පුළුවන්. මුලින්ම අපි හදන්න යන Blog එකේ නම දෙන්න ඕනේ Title කියන තැන. ඔයාගේ Blog site එකේ නම වෙන්නේ මේක.
ඊළගට Address කියන තැන ඔයාගේ domain එක දෙන්න ඕනේ. Blogger එකෙන් අපිට නොමිලේ දෙන web address එකේ අවසානෙට blogspot.com කියලා තියෙනවා.
අපිට අවශ්‍ය නම් පුළුවන් වෙනම domain එකක් අරගෙන Blogger එකට ලින්ක් කරන්න.
මම මෙතන “ceylontechblog1” කියලා address එකට දෙනවා.
ඊළගට Theme එකක් තෝර ගන්න ඕනේ. මන් මෙතනින් කැමති එකක් දෙනවා, හේතුව අපි වෙනම template එකක් අපේ බ්ලොග් එකට add කරනවා ඉස්සරහට.
කැමති Theme එකක් තෝරලා පහල “Create Blog” කියන එක click කරන්න.

දැන් ඔයාගේ බ්ලොග් එක හදාගෙන ඉවරයි. පහල විදියට තමයි ඔයාගේ blogger dashboard එක තියෙන්නේ. මෙතනින් ඔයාගේ බ්ලොග් එකේ හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන්.

STEP #3 Design & Customize Blog
දැන් අපිට තියෙන්නේ අපේ Blog එක ලස්සනට Design කරගන්න සහ Customize කරගන්න. ඒක කියවල තේරුම් ගන්නවට වඩා ලේසියි Video එකකින් කරලා පෙන්නුවොත්. එක නිසා අපේ Blogger Blog එකේ ඉතුරු දේවල් මේ Video එකෙන් මන් පෙන්නලා දෙන්නම්.
Blog එක හදන්න යොදා ගත්ත Template එක සහ අනෙකුත් සියලු දේ Download කර ගන්න.
Leave a Reply