ශ්‍රී ලංකාව තුළ මේ වෙනකොට ecommerce කියන එක වේගයෙන් ප්‍රචලිත වෙමින් යනවා. විශේෂයෙන් කොවිඩ් තත්ත්වයත් සමග බොහෝ දෙනා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට යොමුවී තිබෙනවා.
මේ Ecommerce Sinhala Tutorial එක හරහා ඔයාලට දැන ගන්න පුළුවන් කොහොමද online store එකක් හදා ගන්නේ කියල මුල සිට සරලවම.
ඔයාට වෙබ් අඩවි නිර්මාණය ගැන කිසිම දැනුමක් තිබෙන්න ඕනේ නැහැ. ඒ වගේම අපි coding කරන්නේ නෑ. WordPress පාවිච්චි කරලා තමයි මේ store එක හදන හැටි මම ඔයාලට පෙන්නන්නේ.
ශ්‍රී ලංකාව තුල දැනටමත් ගොඩක් ජනප්‍රිය eCommerce stores අපිට බලා ගන්න පුළුවන්. (daraz.lk). මිට අමතරව ගොඩක් business මේ වෙනකොට අන්තර්ජාලය ඔස්සේ සිය භාණ්ඩ අලෙවි කරනවා.
ශ්‍රී ලංකාවේ අපිට තිබුන විශාලම ප්‍රශ්නයක් තමයි PayPal, Stripe වගේ Payment Gateway එකක් නැති එක. නමුත් මේ වෙනකොට ඒකට විසඳුමක් ලැබිල තියෙනවා. ඒ තමයි PayHere.
PayHere ගැන දන ගන්න පුළුවන් මේ PayeHere Sinhala video එක හරහා.
මිට අමතරව මේ වෙනකොට courier සේවාවන් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. මේ හරහා ඔයාට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ භාණ්ඩ ලංකාවේ ඕනෑම තැනකට අඩු මුදලකින් සහ අඩු කාලයකින් deliver කරන්න.
ඒ විතරක් නෙමේ Cash On Delivery කරන්නත් ඔයාට courier සේවාවක් පාවිච්චි කරන්න පුළුවන්. courier සේවාවන් කිහිපයක් මේ service එක ලබා දෙනවා.
මේක ගොඩක් හොද අවස්ථාවක් ව්‍යාපාරවලට අන්තර්ජාලයේ වාසිය ලබා ගන්න. මේ කාලය තුල ඊට යොමු වෙන එක සුදුසුම කියලත් මන් විශ්වාස කරනවා.
ඔයා business එකක් කරන කෙනෙක් නම් මේ tutorial එක හරහා ඔයාට පුළුවන් ඔයාගේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ විකුනන්න පටන් ගන්න.
Web development agency එකකට විශාල මුදලක් දීලා ඔයාගේ Ecommerce Store එක හදනවට වඩා, ඔයාගෙම විදියට ලේසියෙන් ඔයාටම මේ වැඩේ කරන්න පුළුවන් මේ tutorial එක follow කරොත්.
ඒ වගේම ඔයාට එහම business එකක් නැති කෙනෙක්නම්, ඔයාට පුළුවන් මේ විදියේ websites හදලා දීල අදායමක් උපයා ගන්න. ඔයාගේ ප්‍රදේශයේ තියෙන ව්‍යාපාර එක්ක කතා කරලා බලන්න. ඔවුන්ට මෙවැනි වෙබ් අඩවියක අවශ්‍යතාව තිබෙනවා වෙන්න පුළුවන්.
ඒ වගේම ඔවුන්ට පෙන්වා දෙන්න මෙවැනි වෙබ් අඩවියකින් ලබා ගන්න පුළුවන් වාසි. ඒ මගින් එම ව්‍යාපාරයටත් ඔබටත් අදායම් උපයා ගන්න පුළුවන් වේවි.
Web Hosting ලබා ගන්න
Hostinger Hosting (WPSINHALA Discount Code)
Cloudways Hosting (WPSINHALA Discount Code)
Flatsome Theme – https://1.envato.market/wpsinhala-flatsome
Widget HTML Code
<p style="color: white;">your text here</p>
Free Icons
Delivery Cities Code
/**
* Add or modify States
*/
add_filter( 'woocommerce_states', 'custom_woocommerce_states' );
function custom_woocommerce_states( $states ) {
$states['LK'] = array(
'LK1' => 'Ampara',
'LK2' => 'Anuradhapura',
'LK3' => 'Badulla',
'LK4' => 'Batticaloa',
'LK5' => 'Colombo',
'LK6' => 'Galle',
'LK7' => 'Gampaha',
'LK8' => 'Hambantota',
'LK9' => 'Jaffna',
'LK10' => 'Kalutara',
'LK11' => 'Kandy',
'LK12' => 'Kegalle',
'LK13' => 'Kilinochchi',
'LK14' => 'Kurunegala',
'LK15' => 'Mannar',
'LK16' => 'Matale',
'LK17' => 'Matara',
'LK18' => 'Moneragala',
'LK19' => 'Mullaitivu',
'LK20' => 'Nuwara Eliya',
'LK21' => 'Polonnaruwa',
'LK22' => 'Puttalam',
'LK23' => 'Ratnapura',
'LK24' => 'Trincomalee',
'LK25' => 'Vavuniya'
);
return $states;
}
Leave a Reply